තීන්ත ආලේපනයෙන් පසු මෙම දෝෂ දක්නට තිබේද ?

1. තීන්ත පාරවල් හා බුරුසු පාරවල් තිබීම. අවශ්‍ය ප්‍රමාණයට වඩා දියාරු කල තීන්ත ආලේප කිරීමෙන් මෙය ඇතිවිය හැක. මීට අමතරව තීන්ත ආලේප කරන බුරුසුවේ ඇති දෝෂ නිසාද මේය ඇති වේ. රළු කෙඳි සහිත බුරුසු බාවිතය, බුරුසුවේ අග කෙඳි වල පැරණි තීන්ත බැඳී තිබීම මෙයට හේතුව වේ. 2. පැරණි තීන්ත මතුවී පෙනීම පැරණි තද පැහැති තීන්ත මත වෙනත් ලා වර්ණයක් ආලේප කිරීමේදී මෙය සිදුවේ. එම නිසා අළුත් තීන්ත වර්ණයක් ආලේප කිරීමේදී සුදු පාට ෆිලර් ආලේපයක් පැරණි තීන්ත මත ආලේප කිරීමෙන් පසුව අලුත් තීන්තය ආලේප කරන්න. 3. බිංදු හට ගැනීම තින්ත ආලේප කල බිත්තියේ දුවිලි වැනි අපද්‍රව්‍ය තිබීම මෙයට හේතුවයි. එම නිසා තීන්ත ආලේපයට පෙර පෘෂ්ඨය හොඳින් සෝදා පිරිසිදු කොට පෘෂ්ඨය හොඳින් වියළීමේන් පසු තීන්ත ආලේප කරන්න. 4. තීන්ත සෙමින් වියළීම තීන්ත ගානු ලැබූ පෘෂ්ඨය තෙත සහිත වීම, තෙල්, ග්‍රීස් වැනි අපද්‍රව්‍ය බිත්තියේ බැඳී තිබීම මෙයට හේතුවයි. එම නිසා තීන්ත ආලේපයට පෙර පෘෂ්ඨය හොඳින් පිරිසිදු කොට තීන්ත ආලේප කල යුතුය. 5. තීන්ත කැටිති සෑදීම හෝ රැලි ඇති වීම්. පසුව ගානු ලැබූ තීන්ත පෘෂ්ඨය සීඝ්‍රයෙන් සංකෝචනය වීම, තීන්ත වල ද්‍රාවණය ඉක්මණින් වාෂ්පවීම්, තීන්ත යටි පෘෂ්ඨය සමග හොඳින් සම්බන්ද නොවීම් මෙයට හේතුවයි.. මෙය වැලි කඩදාසියකින් හෝ එමරි කඩදාසියකින් කපා දමා තීන්ත නැවත ආලේප...

read more

නිවසට වර්ණ තෝරන්න කලින් මේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න.

නිවසේ තීන්ත ආලේප කරන විට තිබෙන බැරෑරුම්ම කටයුත්ත තමයි නිවසේ කාමර වලට, එලියට, ඇතුලට, මුළුතැන්ගෙයට වර්ණ තෝරන එක. ලස්සන විතරක්ම නෙමෙයි වර්ණ වලින් කියවෙන දේවල් තවත් බොහෝමයක් තිබේනවා… එම නිසා වර්ණ තෝරන විට මේ දේවල් පිළිබඳත් අනිවාර්යෙන් සැලකිලිමත් වන්න. රතු රතු යනු ඉතා ඉක්මනින් ආකර්ෂණය වන පැහැයකි. පරීක්ෂණ වලින් තහවුරු වන්නේ රතු වර්ණය දරුවන්ගේ ශක්තිය , ප්‍රබෝදය සහ අවදානය වැඩි කරන බවයි. නමුත් රතු වර්ණය නිසා සමහර දරුවන්ගේ අක්‍රමණකාරී බවද වැඩි විය හැකයි. තැඹිලි තැඹිලි පැහැය දරුවන්ගේ සන්නිවේදන හැකියාව හා සමාජශීලී බ්ව් වැඩි කරනු ලබන දීප්තිමත් වර්ණයකි. රෝස ගැහැණු ලමුන්ගේ කාමර වලට ඉතාමත් සුදුසු වර්ණයකි. සන්සුන් බව වැඩි කරන වර්ණයකි. රෝස පැහැය මව් වරුන්ගේ හැඟීම් සමග බැඳුනු වර්ණයකි. කහ කහ වර්ණය ඇසට ඉතාම ප්‍රිය වර්ණයකි. අධ්‍යයන කටයුතු වල යෙදෙන දරුවන්ගේ කාමර වල ආලේප කිරීමට ඉතා සුදුසු වර්ණයකි. කාමරයේ අඳුරු බව අඩු කරයි. කහ වර්ණය මතක තබා ගැනීමේ ශක්තිය ඉහල දමන බවයි පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ.. කොළ සොබාදහමේ නැවුම් බව හා එක් වූ ඇසට ප්‍රිය වර්ණයකි. කියවීමේ හැකියාව සහ අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි දියුණු වීමට ඉවහල් වන වර්ණයකි. පාසල් පංති කාමර වල බෙහෙවින් ආලේප කරන වර්ණයකි. නිල් පිරිමි ළමුන්ගේ ව්ර්‍ණ ලැයිතුවේ ඉහලින්ම ඇති වර්ණයකි. මුහුද අහස හා බැඳුණු ඇසට ප්‍රිය වර්ණයකි. හෘද ස්පන්දනය , රුධිර පීඩනය අඩු කරන සිතට සහනයක් ගෙන දෙන වර්ණයකි. දම් ගැහැණු ලමයෙකුගේ වර්ණ ලැයිස්තුවේ තවත් ඉහළින් ඇති වර්ණයකි. අවේගශීලි බවෙන් ඈත් වී යහපත් සිතුව්ලි හා ආධ්‍යාත්මික හැඟීම් වර්ධනය කරන...

read more

ගෙදර paint කරන්න කලින් මේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න.

මුළු ගෙදරම තීන්ත ආලේප කරනවා කියන්නේ ඉතින් ටිකක් බැරෑරුම් කටයුත්තක් වගේම ටිකක් විනෝදජනක වැඩක්. ගාන පාට, පවිච්චි කරන තීන්ත වර්ගය මේ දේවල් ගැන වගේම තීන්ත ගාන්න කලින් කරන්න අවශ්‍ය වැදගත් දේවල් තව බොහෝමයක් තිබෙනවා.. අන්න ඒ දේවල් ගැන තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ. නිවසේ තීන්ත ආලේප කිරීමට පෙර, 1. මුලින්ම නිවසේ තීන්ත ආලේප කිරීමට සුදුසුම, වර්ෂාව, තද සුළං නොමැති අධික උෂ්ණත්වයක් හා සීතලක් නොමැති කාලයක් තෝරා ගන්න. 2. තීන්ත ආලේප කරන බිත්ති හොඳින් සෝදන්න. wire brush එකක් හා වතුර යොදාගෙන බිත්ති වල ඇති කුණු, දූවිලි, සෙවල වර්ග හොඳින් සෝදා හරින්න. සේදීමෙන් පසු බිත්ති හොඳින් වේලීමට හැර ඉන් පසු තීන්ත ආලේප කරන්න. ඒසේ නොමැතිව තෙත සහිත බිත්ති වල තීන්ත ආලේපනය කිරීමෙන් තීන්ත හොඳින් බිත්තිය සමග සම්බන්ද නොවේ. 3. පින්තාරු කිරීමට ප්‍රථම කඩතොලු වී ඇති බිත්ති කපරාරු කර කඩතොලු වසා දමන්න. බුබුළු හටගෙන ඇති, පොතු ගැලවී ඇති බිත්ති වැලිකඩදාසියකින් පිරිමැද බිත්තිය සුමට කර සමතලා කරගන්න. එමගින් ඔබ ආලේප කරන තීන්ත පහසුවෙන් ආලේප කිරීමටත් වැඩි කාලයක් පවත්වා ගැනීමටත් හැකි වේ. 4. නිවසම පින්තාරු කිරීමට ඔබට කෙතරම් තීන්ත ප්‍රමාණයක් අවශ්‍ය දැයි නිර්ණය කරගන්න. නිවසේ පරිමතිය ගෙන එය නිවසේ උසෙන් වැඩි කර එම එන අගය ඔබ බාවිතා කිරීමට අදහස් කරන තින්ත වර්ගයේ එක කෑන් එකකින් ආවරණය කල හැකි වර්ග අඩි ප්‍රමාණයෙන් බෙදන්න. එම ලැබෙන අගය මගින් ඔබට නිවසට යන තීන්ත ප්‍රමාණය පිලිබඳ ඇස්තමේන්තුවක් ලබාගත හැක. 5. තීන්ත ආලේප කිරීමට ප්‍රථම බිත්තිය සකස් කර ප්‍රයිමරයක් අලේප කරන්න. මේය මගින් ජලය කාන්දු වීම්ට නොදී බිත්තිය වියළිව තබාගෙන ඔබ ආලේප කරන තීන්ත වර්ගයේ කල් පැවැත්ම වැඩි කරයි. 6. තීන්ත ආලේප කිරීමට ඔබ බාවිත කරන උපකරණය. බුරුසුවක් මගින් ආලේපනය කිරීම මගින් ඔබට තීන්ත අලේප කිරීම හොඳ පාලනයකින් සිදු කල හැක. රෝලරයක් බාවිත කිරීම තීන්ත ආලේපනය කාර්යක්ශම කරයි. පළමුවතාවට නිවසේ තීන්ත ආලේප කරන බොහෝ දෙනක් බුරුසුවෙන් තීන්ත ආලේප කිරීමට වැඩි කැමැත්තක්...

read more

woodcare 04

read more

woodcare 03

read more